Thursday, August 9, 2012

අත්හල ප්‍රේමය !

කටුව ගලවා දැමූ තැන ..
පෙනෙන්නට කිසි  දොසක් නැත ..
නොවැටහෙන්නේ මට තවම ..
ඇදුම් දෙනු කිම එතැන ඉඳ හිට !

6 comments:

  1. *****හිතේ හයිය******
    නිකම් ඇදුම් දෙන්නේ නැත
    ඔබේ සිත.......
    අදුම් දෙන්නට දිරිදෙයි
    ඉඳහිට.......

    ReplyDelete
    Replies
    1. මිත නිවැරදිය නුඹ ..
      හිත වගකිව යුත ..
      කතාව මෙහෙමය ,

      ප්‍රේමය එකල
      වරදක් නොකළ
      කිසි දිනෙක මට
      එද,
      ගැලවිය යුතුම විය
      කටුව !
      කාගෙත් හොඳට
      ඔඩු දුවන්නට පෙර විෂ !
      ඇනුණු කරුමෙට
      අසම්මත කලට !

      Delete
    2. කරගැට කියා යමක් ඇත .
      කලක් ගත වූ විට
      දැනෙන්නේ නැත .
      නොදැනීම යනවා මිස !

      Delete
    3. ඝනකමට රළුවට ...
      සංවේද නොදැනෙන ..
      කරගැට!
      මතුවනු මැනවි
      හිත මත ..
      අර,
      ඇදුම් දෙන සඳ !

      Delete
  2. කටුව ගලවා දැමූ තැන...
    පැසවා ඇතිය අනිවා ඩෙෆාමය...
    පෙන්නා හොද ඩොකෙකුට තුවාලය..
    වේදනාව අඩුකරගන් තනි රූල..

    ReplyDelete