Sunday, December 15, 2013

සඳ ගඟ



                               සඳ දියවෙලා  
                               ගඟ දිය දිගේ 
                               එයි ගල ගලා 
                               සීතයි තමා 
                               සඳ දිය ගලා 
                               පිහිනමු සඳේ 
                               උඩු ගං බලා 

Sunday, December 1, 2013

පොසිටිව් " මුවා "


මුළා වූ ඒ මුවා 
කීවා 
මිරිඟුවත් මට ඇති කියා 
නෙතටවත් සැපයක් පානා 
නොමැති කල දිය බිඳක් 
පවස නිවනා

උඹලා 
ප්‍රස්ථා පිරුළු හදාපල්ලා ...

Wednesday, November 20, 2013

විපාකය !






මම 
නිදා සිට 
මැක්කන් සමග අවදිව 
විභාගය? ... ඔව් 
බල්ලට ගිය! 

Saturday, January 5, 2013

---~කුජීත කවිය~---




මොනරු පසුපස 
බුම්මගෙන , රොබ්බගෙන 
හැත්තෑ හතක් බඳු 
දෙකෙන් බෙදූ 
හති වැටුණු 
මුහුණු 
සිනහව මැරුණු !!!