Thursday, October 25, 2012

තාත්තාගේ ඔවදන !

දුවේ දැන් ඇති කඳුළු 
සැලුවා
වැළඳගෙන නුඹගේ පියා
පතිකුලය අඬගසනවා දැන්
නැකත් කාලය එළඹිලා ..

.









තාත්තාගේ ඇසින් කඳුලක් පනින්නට වෙර දරනවා
රත්තරන් දූ නික්මයනතුරු
කඳුළු සිරකර තබනවා 

නංගියා මල්ලියා අර අඬනවා අම්මට ලංවෙලා
එපා මගේ දූ යලි හැරෙන්නට
සුබ නැකත ඇත එළඹිලා
දෙගුරු සෙවනේ ගෙවුණු කාලය
දුවේ දැන් අවසන් වෙලා ..

Saturday, October 13, 2012

අවිවාහක කවි සිතුවිලි !

ගොඩක් පෙම්  සිතුවිලි
පොත් පුරා කවි වෙන
පොත් පිරී ඉතිරෙන 
බැලු බැලූ අත
පොත් පමණි
ශේෂ වුණ!

Monday, October 8, 2012

ප්‍රතිශත ප්‍රේමය %

අප, සතුට දැක තුටුවන
කඳුළු සඟවා සිනාසෙන
50 50 නොඉල්ලන
100 ම පිටට දෙන

Friday, October 5, 2012

මල් කතා

කන ගාව පළඳන්න
පිනි හා ම ගෙන ආව
ඇගෙ මූණ පරදන්න බැරි රෝස  මල්
නටු ගාව කටු නේන
දුටු හා ම   හිත  පිරෙන
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්