Wednesday, August 29, 2012

"වෙන්" රූපය

ජීවීතේ,
සර්වත්‍ර කුලකය 
ඡේදනය ඇය
මචං,
අපි උප කුලක !

Sunday, August 26, 2012

නොදුටු වගන්තිය

ඔද වැඩුණු සතුටට
එදා මට නොපෙනුණ
දැන්වීම කෙළවර
පුංචිවට ලියැවුන
"තරුවක් " යෙදු වැකිය
* කොන්දේසි සහිතයි! 
පෙන්නුවා ඈ මට 
සමුදෙන්න පෙර දින

Saturday, August 18, 2012

ආත්ම වංචා

ඉර හඳ තරම්  
අපි දුර නැතත් 
ඉර හඳ වගේ
එළියක් අරන්
 

බැසයමු ඔහේ
හැමදා වගේ  

අහසට ඇවිත් 
දන් නෑ වගේ.......

Friday, August 17, 2012

කැටයම්

පෙමින් වෙළුනත් නිරතුරු
ලොවට පෙනුනත් විසිතුරු
පෙම් යුවළ මුණි ඉසුරු
ගලකි රළු
කැටයම් කෙරු

Wednesday, August 15, 2012

නෙගටිව් සිහිනය !


මේ වරත් මල් පමණි
ඵල දරන්නේ නැති
සුවඳ දී දස අත
මද පවනෙ නැළවෙන 
අතු අගින් පොකුරු වැහි වස්සවන
ලස්සනට ගෙමිදුලම හැඩකරන
මල් පමණි නැවතත්
ඵල නොමැති !

Saturday, August 11, 2012

ඇගේ (සහෝදර ) ප්‍රේමය !


බැඳපන් රාඛියක්..
ඉඳා අත මගේ ..
මට එපා උඹේ ..
උලව් ආදරේ !!!

Friday, August 10, 2012

රකුසෙකුගේ ආදරය

ෆියෝනා, මම ....
ආදරෙයි නුඹ  හට
ශ්රෙක්ට  ඇදහිය නොහැකි තරමට
එනිසාම,
එකෝමත් එක දවසක
අතහලෙමි අදහස !
නුඹ රකුසියක් වන බව දැන දැන
ලංවිය නොහැකි විය මට
ආදරය වැඩි කමට !

Thursday, August 9, 2012

අත්හල ප්‍රේමය !

කටුව ගලවා දැමූ තැන ..
පෙනෙන්නට කිසි  දොසක් නැත ..
නොවැටහෙන්නේ මට තවම ..
ඇදුම් දෙනු කිම එතැන ඉඳ හිට !

Wednesday, August 8, 2012

මග හරිමි ...

මම සඳ ..
බැසයන්න අවසර ..
මුමුණයි  තරු
නෝක්කාඩු
මුළු රෑ පුරා
නුඹේ  අහසෙ උන්  නිසා
තරු එලිය ඉන් වැළකුණු නිසා
සඳට කවි ගී ලියවෙන නිසා
එවිට තරු අමතක වන නිසා
නෝක්කාඩු !
හ්ම්ම් ...
අවසර !!!