Sunday, December 15, 2013

සඳ ගඟ



                               සඳ දියවෙලා  
                               ගඟ දිය දිගේ 
                               එයි ගල ගලා 
                               සීතයි තමා 
                               සඳ දිය ගලා 
                               පිහිනමු සඳේ 
                               උඩු ගං බලා 

4 comments:

  1. පොලොවේ මතින්
    ගලනා ගගෙත්
    උඩු ගං බලා
    පිහිනනු නොහී..

    සඳ දිය වෙලා
    නෙතු ළග මැවුණු
    මායා ගඟේ
    පිහිනනු කෙසේ?

    ReplyDelete
  2. පිහිනුම් දනී
    නම් යම් දනෝ
    උඩු යටි කියා
    වෙනසක් වෙදෝ

    වෙර ඇත ගතේ
    සඳ ඇත හිතේ
    පිහිනමි නගේ
    මායා ගඟේ

    ReplyDelete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete