Wednesday, August 15, 2012

නෙගටිව් සිහිනය !


මේ වරත් මල් පමණි
ඵල දරන්නේ නැති
සුවඳ දී දස අත
මද පවනෙ නැළවෙන 
අතු අගින් පොකුරු වැහි වස්සවන
ලස්සනට ගෙමිදුලම හැඩකරන
මල් පමණි නැවතත්
ඵල නොමැති !

12 comments:

  1. මරු අදහසක්.. ම්ම්ම්..

    සුන්දර මලක්
    පීපී වැනෙනා අපූරුව
    මලින් රොන් ගෙන
    බලා හිඳී බඹරා
    මල වැටි ඵලයක්
    බිහිවෙන තුරා..
    මලට නැතිදෝ
    අගයක් ගෙඩියක්
    ඵල නොදරයි නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි.:)

      මලක වුව පැතුම
      ඵලයක් නොවේද මිතුරිය
      අගයක් නැතුව නොව
      නොලැබුනද ඵලයක් කිසිදින
      කියනුයේ
      සිත් ඇති බවය
      තෙවැන්නෙකු හැඩුම
      අසන්නට ගෙදොර..:)

      Delete
  2. හැමදාමත් මල් විතරයි නේද..? දැන් මක්කෙයි කරන්නේ ඊ ලගට...

    ReplyDelete
    Replies
    1. එක්කෝ බටහිර වෛද්‍ය ක්‍රමේ ..නැත්නම් දේවාල ක්‍රමේ තමයි මචං..:D

      Delete
  3. ආසයි අසන්නට
    තෙවන්නෙකු අඩනවා ගෙදර...
    නමුදු පෙර කරුමෙකට
    නොලැබුනද ඒ වරම....
    මලේ ගුණ සුවද
    ඇතිනම් බබරට
    පුළුවනි ජීවත් වෙන්න
    මල් යහනක් සේ ජීවිතය....

    ReplyDelete
    Replies
    1. සනුහරේ ඇවිදින් ...
      මුමුණයි බලා යටසින් ..

      "කොල්ලගේ කරුමේ
      හිතුන ඕකිව දැක්ක දවසින් "

      ඇසෙන සඳ නෙතගින්
      කඳුළු වැටුණා මටත් රහසින්

      ඒ කුහක වදනින්
      මුදා ගන්නට නුඹව වෙසෙසින්
      අවැසියි මට ඉතින්
      ගුණ සුවඳ මම දනිමි හැබැහින් ..

      Delete
  4. කතා අහන්නත් එපැයි සමාජයෙන් නේද ?

    ReplyDelete
  5. සුන්දරයි ගසක්
    මල් පොකුරු පැළන්දම
    අතුපතර
    ‍හෙටක් නැති
    සොදුරු බව
    නිසරුයි
    එයයි මේ ලෝ දහම....


    සුන්දර අදහසක්.....

    ReplyDelete
    Replies
    1. නිසරු සුන්දර ! :)

      ස්තුතියි දඟකාරී!...

      Delete