Wednesday, August 8, 2012

මග හරිමි ...

මම සඳ ..
බැසයන්න අවසර ..
මුමුණයි  තරු
නෝක්කාඩු
මුළු රෑ පුරා
නුඹේ  අහසෙ උන්  නිසා
තරු එලිය ඉන් වැළකුණු නිසා
සඳට කවි ගී ලියවෙන නිසා
එවිට තරු අමතක වන නිසා
නෝක්කාඩු !
හ්ම්ම් ...
අවසර !!!

14 comments:

  1. එහෙනං මචෝ සුභ පැතුම්...දැන් උබෙම කියල බ්ලොග් එකේ උබ ලියපන් ....වෙනද වගේම අපි ඉන්නවා ඒවා කියවන්න ..මේ කවියත් වෙනද වගේම සුපිරි අහ

    ReplyDelete
    Replies
    1. අපෝ නමෝ විත්තියෙන් කියලා මම දැම්මා මුල් කමෙන්ටුව මගෙන් කියල හිතාගෙන.. මෙන්න මෙයා ඉස්සර වෙලානෙ.. හික්ස්..කමක් නැ..යාලුවා වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කලා නම් හොඳයි නේද අයියේ?:D

      Delete
    2. ඔව් ඔව් ...එක විතරක් නෙවෙයි ..තව මේ බ්ලොග් එකේ හදන්න දේවල් තියනවා....අද මම site එකක හිට්යේ දවසෙම... එකෙන් ඔක්කොම කියන්න බැරි උනානේ ...ෆ්‍රී එකේ අනිත් ටිකත් සුකියට කියලදෙන්න ඕනේ ...

      Delete
    3. සුබපැතුමටත්, නිසදැසට දුන්න කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි මචන් ..ඇත්තටම උඹේ කටේ බලේට තමයි මගේ බ්ලොග් එකක් මේ විදියට හැදුනේ ..ඒ ගැන ආයෙත් උඹට ස්තුතිය !...මම දන්නවා, මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවා ..!! ඒ ගැන ගොඩක් සතුටුයි !

      Delete
    4. ඇත්තටම මම මේකේ ගොඩක් දේවල් දන්නේ නෑ..මෙච්චරකල් ෆේස් බුක් එකේ කවි ලිය ලිය මම හිට්යේ ..යාලුවන්ගේ උපදෙස් මට ගොඩක් වටිනවා ..@ Red Riding Hood-මොනවද මේ වර්ඩ් වෙරිෆිකේෂන් ?..මම සෙටින්ග්ස් බැලුව ,තේරෙනවා මදි ..මේකේ සිංහල කෙලින්ම ටයිප් කරන්න බැරිද ? අර ගුගල් ට්‍රාන්ස්ලිටරෂන් වලින් කොපි පේස්ට් කරන්නම ඕනද ?

      Delete
  2. බැස ගියාට ඔබ
    තරු වලට නෑ ඉඩ
    තරු නම් දහසක්ය
    නමුත් මා සඳ ඔබය
    පතන්නේ ඔබමය
    තරු නම් මට කුමට..

    ලස්සන කවියක..ජය වේවා සහෝ..දිගටම ලියන්න..:D

    ReplyDelete
    Replies
    1. ඇරයුමකින් තොරවම දිලිසෙන්නා
      තරු දස දහසක් පිටුපස උන්නා
      කෙනෙහිලිකම් මම තනිවම වින්දා
      හිනැහෙන මුහුණක් නුඹහට පෙන්නා..

      සඳ බැස ගිය පසු ..තනිව නොඉන්නයි ..
      සිකුරු තරුව නුඹේ අහසට එන්නයි ..
      මගේ පැතුම නුඹ දරු නළවන්නයි..
      කිරි පැණි දෙන්නට දවසක එන්නයි ..

      Delete
  3. Replies
    1. :)))....මේ කවි ලිවීමට කාලයයි !

      Delete
  4. මරු.. සුබපැතුම්..
    http://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html

    ව්ලට ගිහින් waord verification අයින් කරන විදිය බලා ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා ..
      ආ ..එහෙමද ? ස්තුතිය!මම ගිහින් බලන්නම් ..:)

      Delete
    2. ඔන්න මම මේ කියන විදියටනම් කලා..දැන් හරිද ?

      Delete
  5. ela ela sukithayooo..... uba ithin apita wada kaviyen kela paminilane..... apita uben igena gannath ekka blg eka patan gatta eka hodai... jaya wewa.... :D

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ හිතෙනවා කොල්ලෝ.... එහෙම කියන්න එපා ..:D මමත් ප්‍රවීනයෙක් නෙවෙයි ..තවමත් ආධුනික !..කොහොම උනත් ස්තුතියි ..අපි ලියාමුකෝ...:))

      Delete