වේල්ලක් බැඳ ඇත
හරස් කර
ප්රේමයේ ජල කඳ
අනෝරා වැස්සට
උමතු වී ඇති තැන
දරන්නට බැරි වග
කැඩෙන්නට ළඟ බව
රකින්නට මම
එකම එක වානක්
විවර කල වග
මෙයින් දන්වන !
ඉතින් අවසර
ගලන්නට
ප්රේමයේ වැඩි දිය !!!
Saturday, November 10, 2012
Thursday, October 25, 2012
තාත්තාගේ ඔවදන !
Saturday, October 13, 2012
Monday, October 8, 2012
Friday, October 5, 2012
මල් කතා
කන ගාව පළඳන්න
පිනි හා ම ගෙන ආව
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්
නටු ගාව කටු නේන
දුටු හා ම හිත පිරෙන
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්
පිනි හා ම ගෙන ආව
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්
නටු ගාව කටු නේන
දුටු හා ම හිත පිරෙන
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්
Saturday, September 22, 2012
Thursday, September 13, 2012
මී මැස්සා
මාස ගානක් ...
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා
අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......
ඉතිං මං බොලඳද යකෝ ?
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා
අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......
ඉතිං මං බොලඳද යකෝ ?
Subscribe to:
Posts (Atom)






