Saturday, November 10, 2012

බල තුලනය ..

වේල්ලක් බැඳ ඇත
හරස් කර
ප්‍රේමයේ ජල කඳ

අනෝරා වැස්සට
උමතු වී ඇති තැන
දරන්නට බැරි  වග 

කැඩෙන්නට ළඟ බව 

රකින්නට මම
එකම එක වානක්
විවර කල වග
මෙයින් දන්වන !
 


ඉතින් අවසර
ගලන්නට

ප්‍රේමයේ වැඩි දිය !!!

5 comments: